පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය



     ශ්‍රී ලංකාවේ ශ්වේජින් නිකායේ ආරම්භය යනු පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ ආරම්භය යි. පහත බුරුමයේ ශ්වේජින් නිකායේ මහා නායක ධුරය හෙබවූ රාජපූජිත සාසනාලංකාර සද්ධම්මාභිවංශ සිරිපවර කවිධජ මහා ධම්ම රාජාධිරාජගුරු මහා නාහිමියන්ගේ ශිෂ්‍ය . විනයාලංකාර නාහිමියෝ  එකොළොස් දස වසකට පමණ පෙර . ජයන්ත නම් බුරුම භික්ෂුවක් සමඟ ශ්‍රී ලංකාවට වැඩම කර ඇත්තේ දන්ත ධාතූන් වහන්සේ ඇතුළු සිද්ධස්ථානයන් වන්දනා කිරීම සඳහා . මේ දෙනමගේ වන්දනා ගමන පා ගමනින් සිදු වූ අතර මේ කාලයේ රුවන්වැලි මහ සෑය ප්‍රතිසංස්කරණය ආරම්භවී තිබූ කාලය . සාරමසක් රුවන්වැලි මහ සෑය අසල නැවතී සිටිමින් එහි පස් ඉවත් කිරීම සිදු කළ නාහිමියෝ එහි පිනෙන් දෝ මහ සෑයට ලක්ෂ ගණනක් අගනා චූඩාමාණික්‍යයක් පැලඳවීමේ භාග්‍ය හිමිකර ගත්හ. විනයාලංකාර නාහිමිපාණන් වහන්සේ කළ සඤ්චාරයේ දී අවසානයට ශ්‍රී පාදස්ථානය වන්දනා කොට බුරුම රටට වැඩම කිරීම සඳහා රත්නපුර පානදුර මාර්ගයේ වඩින අතරතුර විඩා සංසිඳවා ගැනීම සඳහා කුළුපන කන්දේ පිහිටි රමණීය ගල්ලෙනක් තෝරා ගත්තේ . වන විට හොරණ ප්‍රදේශයේ ජනතාව බුරුම භික්ෂූන් දැක නොතිබූ නිසා උන්වහන්සේලා දැක ගන්නට වැල නොකැඩී පැමිණෙන්නට වූහ.

මේ නිසා බුරුම ගමන ප්‍රමාද වූ විනයාලංකාර නාහිමි හාර මාසයක් කුලුපන කන්දේ නැවතී සිට පිටත්වීමට සූදානම් වන විට හොරණ පළතේ බෞද්ධයෝ මුන්වහන්සේ කෙසේ හෝ මෙහිම නවත්වා ගතයුතුයි සිතා කටයුතු සිදු කළහ. අනුව වැලිගම්පිටියේ ඩී.ඇල්. ගුණවර්ධන අප්පුහාමි මහතා ඇතුළු දායක පිරිසක් විසින් පොකුණුවිට, වැලිගම්පිටිය, මීමන, කුළුපන, කනේවල යන ගම් සය මැද පිහිටි මනරම් භූමිභාගයන් මිලට ගෙන පිරිසිදු කොට තාවකාලික ආවාස තනා කුළුපන කන්දෙන් බුරුම හිමි වරු දෙනම වඩමවා ගන්නා ලදහ. ඉන් පසු බුරුම නාහිමියන්ට පැහැදුනු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයෝ බොහෝ දෙනෙක් පැමිණියෙන් 1906 ජනවාරි 08 වන දින රැන්ගුන් නුවර මහාධම්මදීපිකාරාමයේ . ජින ස්වාමින් වහන්සේ ලංකාවට වැඩම කර විනයාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍යයන් ලෙස විසිහත් දෙනෙක් පැවිදි කරුවනු ලැබූහ. පිරිස ලක්දිව පැවිදි වූ පළමු ශ්වේජින් නිකායික භික්ෂු පිරිසය. මේ ආරාම භූමියේ ඇති පහසුකම් තිස්දෙනෙකුට විසීමට ප්‍රමාණවත් නොවූයෙන් ධර්මශාලා විහාර ආවාස ආදී අංග සම්පූර්ණ කොට 1907 ජනවාර මස 20වැනි දින ඌ.විනයාලංකාර නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නයට ආරාම භූමිය සාංඝීක ලෙස පූජා කරන ලද්දේ .

මෙසේ ඉදි වූ විහාරස්ථානයට ශ්‍රී විනයාලංකාරාරාමය යන නම තබන ලද්දේ .

                ශ්වේජින් නිකායට අයත් විහාරස්ථානයක් ලක්දිව ගොඩනැගුන එහි වැඩසිටින භික්ෂූන්ට විනය කර්ම කිරීම සඳහා ශීමාවක්  නො වීය. මේ කාලයේ .ගුණාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ විංශතිවර්ගික සංඝ පිරිසක් දාඨා ධාතු වන්දනාව සඳහා ලංකාවට වැඩම කළහ. පොකුණුවිට දායක පිරිස උන්වහන්සේලාට ශීමා බන්ධනය සඳහා ආරාධනා කළහ. අනුව පොකුණුවිට විහාරස්ථානයට වැඩම කළ ශ්වේජින් නිකායික මහා සංඝයා 1907.පෙබරවාරි මස 07 වන දින සුපරිශුද්ධ මුල්ම ශීමාව සම්මත කළහ. එම ශීමාව සඳහා මහා සංඝයා විසින් ම්‍රම්මවංශික ශාසන මූල විශුද්ධි ශීමා යන නාමය තබන ලද්දේ .

     1907 අග භාගයේ දී පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ සිටි සාමණේර පිරිස වැඩිදුර අධ්‍යාපනය සඳහා බුරුම රටට යැවීමට කටයුතු සූදානම් කළහ. එසේ බුරුම දේශයට වැඩි සාමණේර පිරිසට මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේද එදා ඇතුළත් විය.

     වසර දහයකට පමණ පසු ලක්දිවට වැඩම කළ විසිහත් නමගෙන් වයසින් අඩුම කෙනා වූ රේරුකානේ මහ නාහිමි පොකුණුවිට විහාරස්ථානයට වඩින විට එහි අධිපතිත්වය දැරුවේ කබල්ලෑගොඩ අග්ගධම්මාලංකාර ස්වාමින්ද්‍රයන් වහන්සේ . උන්වහන්සේගෙන් පසු පොකුණුවිට විහාරස්ථානයේ වැඩ සිටිමින් ආගමික සාමාජීය ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ රේරුකානේ මහනාහිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ විහාරාංගයන්හි අඩුපහඩු සම්පූර්ණ කරමින් සියක් වසක් ආයු විඳිමින් වැඩ සිට 1997.07.04 වන දින අපවත්වී වදාළ සේක. මහනාහිමිපාණන් වහන්සේ අපවත්වීමට පෙරදීම අපවත්වී වදාළ කැලණිය විශ්වවිද්යාලයේ හිටපු කතිකාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ගොඩිගමුවේ සෝරත යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම විනයාලංකාර විහාරස්ථානය, දහම්පාසල සහ නාහිමියන් රචිත දහම් පොත් නැවත මුද්රණය කිරීම් ආදී කටයුතු සිදුකරමින් මහඟු මෙහෙයක් ඉටු කළහ.

     1997 වර්ෂයේ විහාරාධිපති ධුරය සඳහා පත්වූ වත්මන් විහාරාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ දියුණුව තවත් වැඩිකළ හෙයින් නාහිමියන්ගේ පොත් ක්‍රමවත්ව පැවැත්වීම සඳහා ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමට කටයුතු කරීම, විනයාලංකාර දහම්පාසල සඳහා සුදුසු ආචාර්ය මණ්ඩලයක් පත්කිරීම, විහාරස්ථානය වැඩිදියුණු කිරීම, දායක කාරකාදීන්ගේ කුදුමහක් අවශ්‍යතා ඉටු කර දීම, කුල දරුවන් සසුන්ගත කර ශිෂ්‍ය පිරිසක් ගොඩනැගීම සහ 2600 බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ගුණ සිහිකර සඳවිමල සෙනසුන නමින් විවේකස්ථානයක් ගොඩනැගීම ආදී කටයුතු දැක්විය හැකි .

     මේ සියලු කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස නාහිමියන් රචිත පොත්පත් සමාජගත කිරීම, ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් ලෙස විනයාලංකාර දහම් පාසල පවත්වාගෙන යාම, පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා ශ්‍රී සද්ධර්ම සාගර ශාලාව නමින් සුවිසල් ධර්මශාලාවක් ඉදිවීම, දෙමහල් සංඝාවාසය, පුස්තකාලය, දානශාලාව ඉදිවීම, දහම්පාසල පැවැත්වීම සඳහා අවශ්‍යය ගොඩනැගිලි ආදිය ඉදිකිරීම ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු , පොකුණුවිට, වැලිගම්පිටිය, මීමන, කුළුපන, කනේවල, හේනේගම, බණ්ඩාරවත්ත ගම්වල ගම්වැසියන්ගේ ආගමික කටයුතු සහ සති අන්තයේ දී භාවනා වැඩසටහන්  දම් දෙසුම්, ධර් සාකච්ඡා ආදිය පැවැත්වීම, පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ වැනි වියත් ධර්ම කතිකයන්ගෙන් යුත් පසළොස් නමක් පමණ භික්ෂු පිරිසක් වැඩ සිටීම, සිත් ගන්නා භූමිභාගයක සඳවිමල සෙනසුන නමින් වසර දෙකහමාරක් තුළ අංග සම්පූර්ණ විවේකස්ථානයක් ගොඩනැගීම දැක්විය හැකි .

     වර්ෂ 2012ක් වූ ජනවාරි මස 08 වන දින මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ පැවිදිව වසර 106 සම්පූර්ණ වන දිනය යි. එදිනට ලෝ වැසි බෞද්ධයාට රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ පිළිබඳව, ශ්‍රී විනයාලංකාරාරාමය පිළිබඳ තොරතුරු දැනගැනීමට සහ නිරවුල්ව දහම ප්‍රචාරය කිරීම සඳහා  www.rerukanemahanahimi.lk නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ලැබුවේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි .