* = required field
Name :*
Country :*
Telephone :
E-mail :
Message :*
Enter Again this numbers :*

     
Nadeeka
සීලවන්තන් ගුණවන්තන් ගාථාවේ ඉතිරි පද මොනවද
May 23 2014
Answer by Admin
සීලවන්තං ගුණවන්තං, පුඤ්ඤඛෙත්තං අනුත්තරං, දුල්ලභේන මයා ලද්දං, බුද්ධපුත්තං නමාමාහං. සාරිපුත්තාදි තේරානං, ආගතං පටිපාටියා, සද්ධා සීල දයාවාසං භදන්තං පණමාමහං.
May 26, 2014 ,05.52 pm
Nadeeka
සතර පරාජිකා යනු කුමක්ද? සතර පරාජිකා රැකගත් ස්වාමීන් වහන්සේ යම් මාර්ග පලයක් ලැබිය හැකිද ?
May 23 2014
Answer by Admin
මේ සඳහා උපසම්පදා ශීලය, විදර්ශනා භාවනා ක්‍රමය පොත් කියවන්න. තෙරුවන් සරණයි
May 26, 2014 ,05.40 pm
Tharindu
Vimana waththu, Pretha waththu sinhlen thyna poth ganta puluwn khnda?
May 20 2014
Answer by Admin
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ගත හැකි ය. තෙරුවන් සරණයි
May 26, 2014 ,06.02 pm
Gimhan
Niwan awaboda kara ganimata athi margaya kuamkda?gihi jivithayadi niwan awa boda kara ganimata kumak kala yuthuda?Tharuwan saranai
Apr 09 2014
Answer by Admin
rerukane nayaka hamuduruwange vidarshana bhawana kramaya potha balanna.
Apr 09, 2014 ,07.36 pm
Sumudu Suranga
ගරුතර ස්වාමීන් වහන්ස, මා අසා තිබෙනවා චන්දවිමල ස්වාමීන් වහන්සේ එක්තරා පොතක කියා තිබෙනවා කියා මේ කාලයේ මහ රහතන් වහන්සේලා වැඩසිටිය නොහැකි බව , එම පොත සහ පිටුව කුමක්ද? එසේ වුවත් අද කාලයේද රහතන් වහන්සේලා වශයෙන් සැක කෙරෙන උතුමන් වනගතව වැඩ වෙසෙනවා නේද? මේ ගැන පැහැදිලි කර දෙන්න.
Mar 17 2014
Answer by Admin
kumara
swamin wahansa, ma pita rataka sewaya karana bewin pohoya 04 tama sil geneemata kemeththak asawak etha, ehema karya bahula nisa pansil walata amatharawa pohoya thunakadi dasa sil athuren rekiya heki silayan pamanak samadan wee rekeema hondada? 2013 wasare janawari mase sita december mase dakwa hema masema pohoya 04 kawara dina wala enneda yanna pahada denna? theruwan saranai!
Jan 20 2013
Answer by Admin
දස සීලය සමාදන් වේ නම් සිල් පද දහයම සමාදන් විය යුතුය. පොහොය හතර ලබන ගෙවෙන විස්තර බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් බලන්න. ලින්ක් එක පහත තිබේ. http://www.lakehouse.lk/budusarana/2013/01/18/
Jan 21, 2013 ,10.38 am
Kumara
Swamin wahansa, apa pita rataka jeewath wana nisa, pohoya dinayata niwadu geneemata dushkara uwahoth, eeta asanna dinaya sil samadan weemen, poho dinaye sil samadan weeme kushalayama lebeda? ese wena dawasaka sil geneema waradakda?
Jan 19 2013
Answer by Admin
සිල් පෝයට නොරැක්කාය කියා කුසලය අඩු නොවේ. හැකි දිනක සිල් සමාදන් වන්න. තෙරුවන් සරණයි.
Jan 21, 2013 ,10.29 am
SENAKA
දහම් පොත් මුදුණය සඳහා සහාය වීම පිණිස ආධාර කිරීමට අදහස් කරමි. ඒ සඳහා මුදල් ආධාර ලබාදිය හැකි ක්‍රමය කරුණාකර දන්වන්න. බැංකු ගිණුමකට බැර කිරීමට හැකිනම් පහසුය.
Jan 18 2013
Answer by Admin
ලංකා බැංකුව, හොරණ ශාඛාව, ගිණුම් අංක 798439 , ගිණුමේ නම ශ්‍රී චන්දවිමලධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය. ඔබගේ නම ලිපිනය ලියූ රිසිට් පත අප වෙත එවන්න. fax 0342265251 , තැපැල්, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.
Jan 18, 2013 ,09.22 pm
Raveendra
sabba papassa akaranan gathawath, jayo munindassa subodhi mulee gathawath, sabbawa mangala mupaddawa gathawath budun wendeemedi itha guna ethi gathawan bawa asa eththemi, ema gatha wala theruma pahada denna, punyopadeshanayata anuwa budu wendeemedi, ema gatha thuna kumana sthanayedi bhawitha kala uthuda? theruwan wendeemen pasuda? mal pahan suwanda dum peeja kerremata pera ho pasuda? karunawen upadesak denna, Theruwan saranai
Jan 11 2013
Answer by Admin
සියලු පව් නොකල යුතුයි, කුසල් කළ යුතු යත, සිත දමනය කරගත යුතුය මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. ජයවේවා... බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැරදුණු දේව සමූහයා සතුටින් ඝෝෂා කළහ. මේ සත්‍ය බලයෙන් මට ජයවේවා . අසුබ නිමිති අවමංගල අන්තරාය ග්‍රහදොස් නොම වේවා, නපුරු සිහින බිය උවදුරු සදහම් බල මහිමෙන් දුරුවේවා. තෙරුවන් වැඳ පූජා පවත්වා අවසානයේ මේ ප්‍රාර්ථනා සිදු කිරීම උචිත විය හැක.
Jan 18, 2013 ,09.14 pm
Raveendra
Swameen wahansa, mahana weemata ethi asawa nisa Demawpiyangen or bharyawage awasarayakin thorawa mahana wana beri bawa danimi, eheth eken loku pawak sidu weda?
Jan 09 2013
Answer by Admin
පවක් වුවත් නොවුවත් එසේ කිරීම බුද්ධ නියමයට පටහැනි බවකි. ඒ නිසා ආචාර්ය වරු එසේ නොකරති.
Jan 18, 2013 ,09.17 pm
Raveendra
ambu daruwan , bharyawan dan deema yanu kese ka hata dan diya yuththakkada? pahada denna swameen wahansa?
Jan 05 2013
Answer by Admin
වෙස්සන්තර ජාතකය කියවන්න.
Jan 06, 2013 ,09.18 pm
raveendra
Theruwan saranai , budu dahamata anuwa, daruwaku lebenna sitina mawak ahara washayen geneemata nusudu ahara monawada?, ada kale doctorsla mona awashyathawa matha biththara mas malu kemata anumatha kalada man e deta eka helama wirudda wemi, kumak heinda yath eya ema mathawa wetha pemineemata niyamitha pinwath gandabbayekuge newethweemaki, pinwath gandabbayak reka lebeemata ha reka geneemata, elawalu, palathuru pamanas noseheda? upades denna swaminwahansa, nawa arahadee budu guna balayen uthum nirwanaya oba wahanselata awaboda wewa!
Dec 29 2012
Answer by Admin
මෙය පිළිබඳ තවදුරටත් විමසා බලමු.
Jan 04, 2013 ,01.47 pm
G.M.D. Walisundara
රෙරුකානේ මහනාහිමියගේ පොත් කීපයක් පොඩි හාමුදුරුවරුන් වැඩ සිටින පන්සලකට පූජා කිරීමට අදහස් කර සිටිමි. ඒ සඳහා ගතයුතු පොත් සහ මිලදී ගතහැක්කේ කෙසේද යන්න පිළිබඳ සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
Dec 26 2012
Answer by Admin
ශාසනාවතරණය, උපසම්පදා ශීලය, විනයකර්ම පොත, උභය ප්‍රාතිමෝක්ෂය යන පොත් සුදුසු ය. මිලදී ගත හැක් ස්ථාන BUY BOOKS පිටුවෙන් බලන්.
Jan 04, 2013 ,01.41 pm
Raveendra
Theruwan saranai, api gihi widihata jeewath wana witadee, pujya pakshaya men, vikalayehi kema anu bhawa nokara seteema watinawa neda?, samahara dinawala duthangaya rekka men heki nam seetemath watinawa neda?ehei yahapathak misama ayahapath gihiyanta sidu nowanne noweda?
Dec 26 2012
Answer by Admin
විකාලයේ ආහාර ගැනීනේ වැළකීමේ සිකපදය සමාදන්ව ආරක්ෂා කරන්න. ඉන් පසු ධුතාංග ආදියත් සමාදන්ව ආරක්ෂ කිරීම වටිණු ඇත.
Jan 04, 2013 ,01.54 pm
VIraj
රෙරුකානේ මහනාහිමියගේ පොත් කියවිමෙන් රුප කලාප ගෑන දෑන ගතිමි. මෙහිදි රුප කලාප ක්ෂ්නයක් පාසා ඈති වෙමින් නෑති වෙමින් යන දෙයක් යන දෑනුම ලබා ගතිමි. මෙය ප්‍රයොගිකව පුරුදු කිරිමෙදි මෙම නිරුද්ධ වීම සිත් වල නිරුද්ධ වීම තරම් නොපෙනේ. උදාහරනයක් ලෙස අතිවිසාල කලුගලක් වර්ෂ ගනනාවක් තිබෙන දෙයක් සෙ පෙනේ. මෙ නිසා රුප කලාපයන්ගේ නිරුදධය බොහෝ වස්තුන් කෙරෙහි නොපෙනේ. නමුත් මනසින් පමනක් මෙනෙහි කිරිම පවත්වාගෙන යමි. මෙය නිවෑරදිද ? මෙලේස කිරිමෙන කිසිදු විශෙයකට නොපෙමින මෙ ජිවිතය අවසන් වෙවි යෑයි බයක් ද තිබෙ. අනුකම්පා කර කුමක් කල යුතු දෑයි පහදා දෙන්න.
Dec 03 2012
Answer by Admin
ඔබට අවශ්‍ය පිළිතුර විදර්ශනා භාවනා ක්‍රමය පොතේ තිබේ.
Dec 18, 2012 ,05.13 pm
gayan
pancha abikcha ana pana sathiyedi ipadenne keseda garurathara hamuduruwane
Nov 22 2012
Answer by Admin
මේ පිළිබඳව දැනගැනීම සඳහා රේරුකානෙ චන්දවිමල නාහිමි රචිත අභිධර්ම මාර්ගය පොතේ 302 පිටුවේ ඇති අභිඥා ඉපදවීම පිළිබඳ ඇති විස්තරය බලන්න.
Dec 18, 2012 ,05.00 pm
madhuri priyangika
sigalowada sutraye ena biridakagen semiyekuta siduwiya yuthu yuthukam pehedili karanna teruwan saranay
Nov 18 2012
Answer by Admin
කැඳ බත් පිසීම් ආදී වශයෙන් මනා කොට කරන ලද කර්මාන්ත ඇත්තී ද වෙයි, මනා කොට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තීද වෙයි, සැමියා හැර අන් පුරුෂයකු සිතිනුදු නොපතන්නී වෙයි, සැමියා විසින් ගෙනෙන ලද ධනය රකියි, සියලු කටයුත්තෙහි දක්ෂ ද නො මැලි ද වෙයි.
Dec 11, 2012 ,06.10 pm
Thilina Senanayake
Kruthangha purwakawa liyami. Athi pujaneeya Rerukane Maha Nahimiyan Wahansege Bauddhayage Athpotha sabawinma mage jeewithaye harawum lakshayak wiya. Ethan sita unwahansege grantha jeewithaye aniwarya angayak kara gathimi. Swamini, Paryaya Sathya saha Nishparyaya Sathya pilibandawa mada wiwaranayak karanu manawa... Dukka dukkaya nishparyaya weemath jathi adiya paryaya weematath hethu pahada denu manawa....
Nov 16 2012
Answer by Admin
දුක්ඛ දුක්ඛය නිෂ්පර්යාය වීමට හේතුව එය අපට ප්‍රකට වන දුක්ඛය වන නිසාය. චතුරාර්යසත්‍ය පොතේ 87 වන පිටුව කියවන්න. මෙයට මහා දුක්ඛය කියා ද කියයි. පර්යාය දුක්ඛයට අයත් බව පවසන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම ආදිය දුකක් බව පැහැදිලි වන්නේ නුවණින් විමසන විටය. ජාති දුක්ඛය 79පිටුව කොටස කියවන්න.
Dec 11, 2012 ,07.09 pm
Mrs. Krishna
හාමුදුරුවනේ, ගර්භනී මවක් විසින් ශ්‍රවණය කළ යුතු පිරිත් මොනවද ? අංගුලිමාල පිරිත හොඳ බව අසා ඇත. සමාවෙන්න මේ ලියන්නේ ඉතාලියේ සිට බැවින් කරුණාකරන්න.
Nov 16 2012
Answer by Admin
රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය අටවිසි පිරිත සහ අංගුලිමාල පිරිත ගර්භණී මව්වරු උදෙසා අපි දේශනා කරනවා. අසන්නට එපා කීමට තරම් වන පිරිතක් ඇතැයි නොසිතමි. හැම දේශනාවකම තිබෙන්නේ ආශිර්වාදයක්, සත්‍යක්‍රයාවක් වන නිසා. තෙරුවන් සරණයි.
Dec 11, 2012 ,07.18 pm
sanjaya
abhidharmaya mula sita saralava igenagata haki aakarayak kiyala denna puluvannam loku udavvak..
Nov 15 2012
Answer by Admin
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම විහාරස්ථානයේ සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. එහිදී අභිධර්මය කියාදෙනවා. ඊට සම්බන්ධ වෙන්න. නැත්නම් අභිධර්ම මාර්ගය පොත කියවන්න.
Dec 11, 2012 ,09.12 pm